SEO කියන්නේ Search Engine Optimization ලෙස මූලිකව අර්ථ දක්වන්න පුලුවන්, ටිකක් හැමෝටම තේරෙන විදියට සිංහලෙන් කිව්වොත් “සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය” ලෙස හදුන්වන්න පුලුවන්. තව විදියකට කිව්වොත් Search Engine එකක් තුල අපේ වෙබ්පිටුවක්, පළමුවෙන්ම පවතින පිටුවේ ප්‍රථම ප්‍රථිපලය වෙත Rank වීම සදහා අපි සිදුකලයුතු සැකසුම් තමයි SEO වලදී සිදුවෙන්නේ. එහෙමත් නැතිනම් Search Engine වලට අපේ වෙබ්පිටුව සොයාගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සැකසුම් සකස් කිරීම SEO කිරීම ලෙස හදුන්වයි. SEO ප්‍රධාන කොටස් තුනක් ඔස්සේ වර්ග කර දක්වන්න පුලුවන්. On-Page SEO, Off-Page SEO සහ Technical SEO විදියට.
SEO වල තිබෙන ප්‍රධාන වැදගත්කම තමයි අපේ වෙබ්පිටුව වෙත Search Engine වලින් Visitors ලා එහෙමත් නැතිනම් Organic Traffic එකක් ගෙන්වා ගැනීමට ඇති හැකියාව.
SEO කරලා අපිට Target Audience එකක් ගෙන්න ගන්න පුලුවන්. ඒ කිව්වේ අපේ Website එක I Phones ගැන නම් I Phones වලට කැමති අය තම අපිට Search Engine එකෙන් එන්නේ.
ඕනෑම Website එකක් කරන කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ Target Audience එකක් තමයි. එතනිනුත් Business කරන අය විශේෂයි. Business එකක් කරන කෙනෙක්ට Target Audience එකක් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් තමන්ගේ Business එකට අදාලව කැමැත්තක් දක්වන Visitors ලා Website එකට එන එක, මොකද එහෙම අයගෙන් තමයි Business එකට Sale එකක් එන්න අවස්ථාව තියෙන්නේ.
බොහෝ විට Business සහ Affiliate Marketing වගේ කරන අය කරන්නේ මුදල් ගෙවලා AD දාල Visitors ලා ගෙන්න ගන්නවා තමන්ගේ Website එකට. ඉහත අකාරයේ මෙන් කිසිම ගෙවීමක් කරන්න ඕන නෑ මේ සදහා Search Engine Optimize වෙන විදියට Website එක හදාගත්තාම කාලයක් එක්ක Ranking වල උඩට එන්න පුලුවන් වෙනවා. හැබැයි SEO වලට අදාළ සාදක ගොඩක් බලපානවා මේකට.
Online තමාගේ අදායම වැඩි කරගැනීමේ හැකියාව, Business, Affiliate Marketing කරන අයට විතරක් නෙවෙයි Adsense වගේ Ad Publisher Network කරන අයට වුනත් ලොකු අදායමක් වෙත ගමන් කිරීමේ හැකියාව මේ තුලින් පවතිනවා. මොකද බිලියන 3.5 කටත් වඩා දේවල් දවසක් තුල Google එකේ පමණක් Search වෙනවා. ඒ කියන්නේ තත්පරයට 40,000ක් පමණ.
Worldwide Search Engines Market Share එක 90% පමණ හිමිව ඇත්තේ Google Search Engine එක සතුවයි. ඒ කිව්වේ අන්තර්ජාලය භාවිත කරන්නන්ගෙන් 90% ම පමණ භාවිත කරන්නේ Google Search Engine එක, ඒ නිසා තමා SEO වලදී Google එකට වැඩි ප්‍රමුකත්වයක් දීලා වැඩ කළ යුතු වෙන්නේ.
Add a Comment