සරල ව ගත්තොත් ඩොමේන් නාමයක් යනු ඔබේ වෙබ් අඩවියට පිවිසීම සඳහා පුද්ගලයින් වෙබ් බ්රව්සරය URL තීරුවේ ටයිප් කරන ලිපිනයයි.
උදා: www.pixelpro.lk
ඔබ සතුව පවතින ව්යාපාරයක් හෝ Startup එකක් සඳහා අදහසක් තිබුණත්, ඔබට ශක්තිමත් සබැඳි පැවැත්මක් (Online Presence) අනිවාර්යෙන් අවශ්ය වේ. එහි මූලික පලමු පියවර ලෙස Domain Registration හෙවත් ඩොමේන් ලිපිනය ලියාපදිංචි කිරීම ලෙස දැක්විය හැකිය.ඕනෑම ව්යාපාරයකට අත්යවශ්යම අංගයක් ලෙස වෙබ් අඩවියක් හැදින්විය හැකිය. ඔබේ වෙබ් අඩවිය කෙතරම් ප්රමාදවී ගොඩනැගුවද ඔබේ ව්යාපාරයට අදාල වෙබ් ලිපිනය හෙවත් ඩොමේන් නාමය කලින්ම ලියාපදිංචි කිරීම වැදගත් කටයුත්තකි.
එසේම ඔබේ වෙබ් ලිපිනයේ නමට අදාලව contact@pixelpro.lk ආකාරයේ ඊමේල් ලිපිනයක් තිබ්ම ඔබේ ව්යාපාරයේ වෘත්තීමය භාවය පිටතට පෙන්නුම් කරයි. ඔබේ වැඩ කටයුතු සදහා Business ඊමේල් ලිපිනයක් භාවිතා කිරීම හරහා පාරිභෝගිකයින් හා සේවාලාභීන්ගේ විශ්වාසයද ඔබ කෙරෙහි ඇතිවේ. සාමාන්යයෙන්, ඔබේ භාණ්ඩය හෝ සේවාව සෙවීමේදී ඔබේ පාරිභෝගිකයා කරන පළමු දෙය නම් Google එකේ ඒ් ගැන සොයා බැලීමයි, ඔවුන්ට ඔබේ වෙබ් අඩවිය(Website) සොයා ගැනීමට සහ සැරිසැරීමට සාපේක්ෂව පහසු නම්, ඔබේ සේවාවන් විකිණීමේ අවස්ථා විශාල ලෙස වැඩි වේ.
අන්තර්ජාලයේ සිදු වන සාප්පු සවාරි (Online Shopping) බහුතරයක් සමඟ, අලෙවිකරණයේ ගතිකත්වය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති අතර, අනාගත ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමේ වඩාත් ඵලදායී හා කල් පවත්නා ක්රමයක් වන්නේ හොඳින් සංවර්ධනය වූ සහ නඩත්තු කරන ලද වෙබ් අඩවියක් පවත්වා ගැනීමයි(Well-Developed And Maintained Website). අලෙවිකරණ දෘෂ්ටි කෝණයකින් (Marketing Standpoint), ඔබට නිවැරදි ඩොමේන් නාමය සමඟ කල්පවත්නා සන්නාම රූපයක් (Brand Image) නිර්මාණය කළ හැකිය.
එම නිසා ඔබේ ව්යාපාරයට සාර්ථකත්වය ලගා කරගැනීමට නිවැරදි ඩොමේන් නාමයක් තෝරාගන්න
Add a Comment